අපි, අපේ දහම් පාසල් ළමයින් සමඟ ඊයේ (29 ඉරිදා) ලංකාවේ ඌව පලාතේ සිද්ධස්ථාන වලට අධ්‍යාපන චාරිකාවක් ගියා. ඒ ස්ථාන පිලිබඳ අපි එකතු කරගත් කරුණු ටිකක් බ්ලොග් සටහන් කිහිපයක් විදියට එකතු කරන්න මම හිතුවේ අපි මේ කරුණු සොයනවිට වුනු මහන්සිය නිසාමයි. මේවා කවුරුන් හෝ ප්‍රයෝජනයට ගනීවි කියලා බලාපොරොත්තු වෙනවා.
ඌව පලාත
ලංකාවේ දුෂ්කරම පලාතක් ලෙස සැලකෙන ඌව පලාතට බදුල්ල හා මොනරාගල යන දිස්ත්‍රික්ක දෙක ඇතුලත් වේ. පෙර රජ දවස මහවැලි නදියටත්, දැදුරු ඔයටත් මායිම් වූ ලංකාවේ පහළ බිම් කොටස රුහුණු රට ලෙස හැඳින්වුණු අතර ඌව ප්‍රදේශය "විසිදහස් රට" යනුවෙන් හැඳින්විණ. මෙම පලාතට ඌව යන නම ලැබුනු හැටි ගැන මෙලෙස මතයක් පවතී. මෙම ප්‍රදේශයේ පිහිටි සුළං කපොල්ලකින් හූ හඬින් සුළං පැමිණි නිසා මුලින් "හූව-ආව" ලෙසද, එය අනුක්‍රමයෙන් "හූවාව" සහ "ඌව" ලෙස භාවිතයට පැමිණි බවත් පැරණි ජනවහරෙහි සඳහන් වේ.
මෙම ප්‍රදේශය අපට වැදගත් වන්නේ ප්‍රධාන වශයෙන්ම දුටුගැමුණු හා සද්ධාතිස්ස යන දෙසොහොයුරන් නිසා ය. තම පියා වූ කාවන්තිස්ස රජතුමා සමඟ නොමනාප වූ ගැමුණු කුමරු කන්තලේ ප්‍රදේශයට පලා ගොස් ගම්මානයක ජීවත් වූ බව අප දනිමු. ඒත් සමඟම තිස්ස කුමරු අප මේ කතා කරන ප්‍රදේශයේ වාසය කළ බව ඉතිහාසය අපට කියාදෙයි. පිය රජතුමාගේ මරණින් පසු එම අවසන් කටයුතු කිරීම සඳහා තිස්ස කුමරු ඉක්මණින් මාගම් පුරවරයට යන අතර කටයුතු නිමා කර තම මව් වූ විහාරමහා දේවියත්, මංගල හස්තියා වූ කඩොල් ඇතාත් සමඟින් නැවතත් ඔහු මෙම ප්‍රදේශයට පැමිණි බව සඳහන් වේ.
මෙම සිදුවීම් පෙල දැනගත් ගැමුණු කුමරු වහාම මාගම් රාජ්‍යයට පැමිණෙන අතර ඒ වන විටද තිස්ස කුමරු වෙල්ලස්ස ප්‍රදේශටය පිටවී ගොසිනි. ගැමුණු කුමරු, තිස්ස කුමරුට මවත්, කඩොල් ඇතාත් සමඟ නැවත පැමිණෙන ලෙස නියෝග කලත් තිස්ස කුමරු එය නොපිළිගත් නිසා ගැමුණු කුමරු තම මලනුවන් සමඟ යුද්ධයකට සූදානම් විය. තම සේනාවද සමඟ සටනට යන ගැමුණු කුමරු තිස්ස කුමරුගේ සේනාව විසින් පරාජය කරනු ලබන තම ඉතිරි පිරිසද රැගෙන ගැමුණු කුමරු පලා යයි.
නැවතත් සේනා සංවිධානය කරගන්නා ගැමුණු කුමරු දෙවන සටනක් සඳහාද පැමිණේ. එවිට තිස්ස කුමරු පරාජය වන අතර ඔහු පලා ගොස් දෙමටමල් විහාරයේ සැඟවෙයි. හාමුදුරුවරුන්ගේ උපකාරයෙන් පංසලෙන් පිටවන තිස්ස කුමරු අයියාගෙන් ගැලවී යයි. මේ විරසකය හාමුදුරුවන්ගේ මැදිහත් වීමෙන් සමතයකට පත් වන අතර පසුව දෙසොයුරන් එකතුවෙන් එළාර රජු සමඟ සටන් කොට ලක්දිව එක්සේසත් කිරීමට හැකියාව ලැබේ.
ඉතින් අපි චාරිකාවේ යෙදුනේ මෙවන් වටපිටාවක් සහිත සුන්දර පරිසරයක යි. අපේ ගමනට මල් වැස්සකින් සුළු බාධාවක් සිදුවුනත් අපි දෙමටමල් විහාරය, මාලිගාවිල, දඹේගොඩ හා යුදගනාව යන ස්ථාන වල සංචාරය කළෙමු. ඒ එක් එක් ස්ථාන ගැන විස්තර ඉදිරි සටහන් වලින් ඉදිරිපත් කිරීමේ බලාපොරොත්තුවෙන් දැනට සමුගන්නවා.....
Monday, 30 August 2010
Sunday, 13 June 2010
වැලි තලප කමු ද? හදමු ද?
අපි හැමෝම කැමති කෑමක්නේ වැලි තලප. කන්න පුළුවන් වුනාට හදන හැටි දන්නව ද? මෙන්න ක්‍රමය. ටිකක් පරණ කවි වගයක්, කියවලා බලලා, හදලා, රහ ගුණ මටත් කියන්න....
කවි පෙල ලියලා තියෙන්නේ ඔදානිස් රබන් ගුරුතුමා.
1. කැකුළු සහල් පිටියෙන් ද
වටකර ඔලු ඇට මෙන් ද
තම්බා කඩ පිම්මෙන් ද
සුරැකිව තබා යෙහෙන්
2. කිතුල් හකුරු සමඟින් ද
මඳක් සීනි සමඟින් ද
හැඳිගා කකාරමින් ද
ලණු වැටෙනා පදමින්
3. තිවග දෙදුරු සමඟින් ද
එක එක පමණ යසින් ද
බැද සුන් කර ගනිමින් ද
එකතුව සෑම දෙයින්
4. බඳුනක ලා සතොසින් ද
සමකර යස විලසින් ද
එදවස පසුව ගොසින් ද
ගනිමින් නැවත තොසින්
5. කැබලිව සැනින් කපා ම
රඹ කැන් සමඟ කදී ම
ලොව සතහට සොඳ කෑ ම
අසනුව නැණැති සියල්
6. උදය උදය සැමදා ම
වළඳා උනු පැන් බී ම
සත් සිත් වෙර පිනවා ම
මියුරු දෙයකි සුවිපුල්
7. වැලි තලපය යන නා ම
පැවසුය පෙරැදුරු සෑ ම
වා පිත් සමන කිරී ම
කදිමට වේ නිරවුල්
8. තකිරඟ කිරන කිදෙන් ද
සිටිතක තක්කිට කින් ද
දොමිකිට කිමිතක කුන් ද
ජෙනෙකිට ගුදිත ගුදන්
පදවැල
ඔලු ඇට = ඕලු ඇට
කඩ පිම්මෙන් = වණ්ඩුවෙන්
ලණු වැටෙනා = නූලක් මෙන්
තිවග = කරාබු නැටි, වසාවාසි, සාදික්කා
දෙදුරු = සූදුරු, මාදුරු
සුන්කර ගනිමින් = කුඩුකර ගනිමින්
සුවිපුල් = ඉමහත්
කවි පෙල ලියලා තියෙන්නේ ඔදානිස් රබන් ගුරුතුමා.
1. කැකුළු සහල් පිටියෙන් ද
වටකර ඔලු ඇට මෙන් ද
තම්බා කඩ පිම්මෙන් ද
සුරැකිව තබා යෙහෙන්
2. කිතුල් හකුරු සමඟින් ද
මඳක් සීනි සමඟින් ද
හැඳිගා කකාරමින් ද
ලණු වැටෙනා පදමින්
3. තිවග දෙදුරු සමඟින් ද
එක එක පමණ යසින් ද
බැද සුන් කර ගනිමින් ද
එකතුව සෑම දෙයින්
4. බඳුනක ලා සතොසින් ද
සමකර යස විලසින් ද
එදවස පසුව ගොසින් ද
ගනිමින් නැවත තොසින්
5. කැබලිව සැනින් කපා ම
රඹ කැන් සමඟ කදී ම
ලොව සතහට සොඳ කෑ ම
අසනුව නැණැති සියල්
6. උදය උදය සැමදා ම
වළඳා උනු පැන් බී ම
සත් සිත් වෙර පිනවා ම
මියුරු දෙයකි සුවිපුල්
7. වැලි තලපය යන නා ම
පැවසුය පෙරැදුරු සෑ ම
වා පිත් සමන කිරී ම
කදිමට වේ නිරවුල්
8. තකිරඟ කිරන කිදෙන් ද
සිටිතක තක්කිට කින් ද
දොමිකිට කිමිතක කුන් ද
ජෙනෙකිට ගුදිත ගුදන්
පදවැල
ඔලු ඇට = ඕලු ඇට
කඩ පිම්මෙන් = වණ්ඩුවෙන්
ලණු වැටෙනා = නූලක් මෙන්
තිවග = කරාබු නැටි, වසාවාසි, සාදික්කා
දෙදුරු = සූදුරු, මාදුරු
සුන්කර ගනිමින් = කුඩුකර ගනිමින්
සුවිපුල් = ඉමහත්
Saturday, 1 May 2010
මගේ රටට දළදා හිමි සෙවණයි (සම්පූර්ණ ගීතය) ....
මේක අපි හැමෝටම හොඳට අහල පුරුදු සිංදුවක්. ඒ වුනාට මේ සිංදුවේ අන්තිම අන්තරා කොටස නිතර ඇහෙන්නේ නෑ. මට මතක විදියට ජාතික රූපවාහිනියේ මේ සිංදුවට තියෙන වීඩියෝ එකේ සම්පූර්ණ සිංදුවම තියෙනවා. ආපහු ප්‍රචාරය වෙන වෙලාවක අහල බලන්න.
මේක ලියලා තියෙන්නේ සුනිල් සරත් පෙරේරා, සංගීතය සංගීත් නිපුන් සනත් නන්දසිරි, ගායනය සනත් නන්දසිරි, මල්කාන්ති නන්දසිරි ඇතුළු පිරිස.... වචන මෙහෙමයි;
මගේ රටට දළදා හිමි සෙවණයි - මගේ දැයට දළදා හිමි සරණයි
සැපතින් සපිරුණු නිවහල් දෙරණයි - උපතින් මා හට මේ හැම උරුමයි... //
දළදා මැදුරේ රන්කොත මුදුනේ - මිණි කිරණින් මුළු රටම අවදි වේ //
දෙදහස් වසරක මහරු අතීතය - සීහ තේජසින් යළි පිබිදේ //
මගේ රටට....
මෙතැනම වේ දැය එකලෙස බැඳුණේ - සිත් තුළ බිය සංකා දුරු කෙරුණේ //
සමිඳුන් සෙවනේ ජය දද බැඳුනා - ජය බෙර වැයුනා ජය ගී ගැයුනා //
මගේ රටට....දිළිඳු බවේ අගහිඟකම දුරුවී - දොරින් දොරට සිරි සෙත පෑදී //
ගම රට නැගුමට ශක්තිය දෙමු අපි - සිරි දළදා හිමි වරම ලැබී //
මගේ රටට....
මෙතනින් අහල බලන්න... මගේ රටට...
කොච්චර ලස්සන සිංදුවක් ද? ඇස් වහගෙන අහන් ඉන්න පුළුවන් නේද? මේකෙ වචන පාඩම් කරගෙන තියාගත්තත් කමක් නෑ. සම්පූර්ණ සිංදුවේම තියෙන්නේ ඉතා හොඳ ප්‍රාර්ථනාවක්; "මගේ රට දළදා හාමුදුරුවන්ගේ සරණින් සැපතින්, සතුටින් ඉතිරේවා..."
ප.ලි.
2020-03-17:
මේ ගීතය සම්පූර්ණයෙන්ම අද උදෑසන නුග සෙවණ වැඩසටහනේ විකාශය වුණා. ඒ වීඩියෝව ඉහතින් බලන්න. (උපුටා ගැනීම Nugasewana - නීතියයි ඔබයි | 2020-03-17)
මේක ලියලා තියෙන්නේ සුනිල් සරත් පෙරේරා, සංගීතය සංගීත් නිපුන් සනත් නන්දසිරි, ගායනය සනත් නන්දසිරි, මල්කාන්ති නන්දසිරි ඇතුළු පිරිස.... වචන මෙහෙමයි;
මගේ රටට දළදා හිමි සෙවණයි - මගේ දැයට දළදා හිමි සරණයි
සැපතින් සපිරුණු නිවහල් දෙරණයි - උපතින් මා හට මේ හැම උරුමයි... //
දළදා මැදුරේ රන්කොත මුදුනේ - මිණි කිරණින් මුළු රටම අවදි වේ //
දෙදහස් වසරක මහරු අතීතය - සීහ තේජසින් යළි පිබිදේ //
මගේ රටට....
මෙතැනම වේ දැය එකලෙස බැඳුණේ - සිත් තුළ බිය සංකා දුරු කෙරුණේ //
සමිඳුන් සෙවනේ ජය දද බැඳුනා - ජය බෙර වැයුනා ජය ගී ගැයුනා //
මගේ රටට....දිළිඳු බවේ අගහිඟකම දුරුවී - දොරින් දොරට සිරි සෙත පෑදී //
ගම රට නැගුමට ශක්තිය දෙමු අපි - සිරි දළදා හිමි වරම ලැබී //
මගේ රටට....
මෙතනින් අහල බලන්න... මගේ රටට...
කොච්චර ලස්සන සිංදුවක් ද? ඇස් වහගෙන අහන් ඉන්න පුළුවන් නේද? මේකෙ වචන පාඩම් කරගෙන තියාගත්තත් කමක් නෑ. සම්පූර්ණ සිංදුවේම තියෙන්නේ ඉතා හොඳ ප්‍රාර්ථනාවක්; "මගේ රට දළදා හාමුදුරුවන්ගේ සරණින් සැපතින්, සතුටින් ඉතිරේවා..."
ප.ලි.
2020-03-17:
Subscribe to:
Posts (Atom)