If you can't read Sinhala, get the fonts from here

Thursday 26 March 2015

නෙයිනගේ සූදූව ගීතය (වචන සමඟ) - Neinage Suduwa Song with lyrics

අද මම ඉදිරිපත් කරන ගීතය අපි හැමෝම වගේ අහල තියෙන, දැනටත් ඇහෙන ගීතයක්. ඒ වුනාට මේකේ වචන හොයාගන්න හරි අමාරුයි. ඉතිං මම හිතුවා වචන ටික post කරන්න.

මෙය ගීතවත් වන්නේ 1983 දී ප්‍රථම වරට රඟ දැක්වුන දයානන්ද ගුණවර්ධන ශූරීන්ගේ “මධුර ජවනිකා“ වේදිකා නාට්‍යයේයි. එතුමන් පිළිබඳ වැඩි විස්තර අවශ්‍ය නම් මෙතනින් බලන්න. ගීතය ගයමින් ඉදිරිපත් කරන්නේ ප්‍රවීන නළු නිලි යුවලක් වන ජැක්සන් ඇන්තනි මහතා සමඟ අනුලා බුලත්සිංහල මහත්මියයි. දයානන්ද ගුණවර්ධන මහතාගේ වචන වලට සංගීතය මුසුකලේ බන්දුල විජේවීර මහතායි.

ගීතය මෙතනින් බලන්න. mp3 ඔිනනම් මෙතනින් හෝ මෙතනින් ගන්න.

වචන ටික මෙහෙමයි (වචන වල වැරදි තියෙනවා නම් සමාවෙලා comment කරන්න.)




පි:      පළමු ව මම වැන්ද බුදුන් සිහි කර ගෙන ඒ ගුණ කඳ
ගැ:     දෙවනු ව සද්ධර්මේ උතුම් මුදුනත් කර මෙන්න වැන්ද
පි:      තෙවනු ව මහ සංඝරත්නෙ වැඳ සුරන් ට පින් දී සොඳ
ගැ:     කියනවා අපි නෙයිනගෙ සූදුව කවියෙන් කර ප්‍රබන්ධ

පි:      සිරින් සපිරි අපෙ ලක්දිව අසුවුනි ඉංග්‍රිස් රජුන්ට
          කෙලින් ඉන්ට නො දී අපට බලේ ගත්ත ඔවුන් අතට
          පිටින් ආපු හම්බ හෙට්ටි හැත්ත පිරුණ කොළොං පුරට
          ඔවුන් අතර හිටිය නෙයින තම්බි කියල කෙනෙක් ජයට

ගැ:     සොඳින් මසන් ගස් හන්දියෙ නෙයින උන්නු ගෙයි විස්තර
          නගින්ඩ එහි තට්ටු හතයි යටටත් ඒ තරම් විතර
          තදින් ම සූදුව එතනයි නිලධාරිත් ඇවිත් නිතර
          පනින්ඩ බෑ අල්ලන්නට ආණ්ඩුවත් බයයි මිතුර

පි:      මෙකලා වීරයෙක් උන්න කොතලාවල කියල සොඳට
          හිතලා වැඩ කරන එතුමා ජෝන් නමින් පුරසිද්දෙට
          ලැබිලා ගුරු තනතුරකුත් පසුව ගියා රේල්ලුවට
          එකලා ඔහු කළ දස්කං කියනවා මං පෙළින් පෙළට

ගැ:     අල්ලස් දී පොලීසියට කොස් ගස් හන්දියේ ජයට
          නෙයින තම්බි සූදු කෙළිය කාටත් බෑ අල්ලන්නට
          ආණ්ඩුවත් සතුටු වෙලා රජෙක් වගේ උන්නු මැතිට
          සාජන් මේජර් කෙරුවා කොටහේනේ පොලීසියට

පි:      එක්ක ගිහින් පොලිස් භටයො දොළොස් දෙනෙක් මරදානට
          ඉක්මන් කර කම්බ සරොං පට ලේන්සු දී අදින්ට
          සල්ලි දීලා ඔවුන් අතට යන්ට කිව්ව සූදු පොළට
          ඊට පස්සේ සිද්ධ වෙච්ච දේ පුදුමයි අහං ඉන්ට

ගැ:     ඇඳ ගෙන සුදු වේට්ටියක් ජටාවකුත් බැඳ හිස වට
          ගා ගෙන තුන්නූරු ටිකක් දෙමළ හෙට්ටියෙක් විලසට
          අර ගත්තා බෑග් එකක් නෝට්ටු කොළ දැම්ම ඊට
          නැගගත්තා රික්ෂෝවක අපෙ මැතිදා යයි විගහට

පි:      දකිමින් මේ හෙට්ටි අයිය නෙයින සලං දැම්ම හොඳට
          එන්න කාරියම් වන්ද දු සංගදි සොල්ලු ම් බෝමට
            නවවංදදු විලයාට්ටු තුපන්කාර ඔන්ඩ කිට්ට
            ඔන්න ඉතිං වාව කියලා එක්ක ගියා ගේ ඇතුලට

ගැ:     තට්ටු හතක් නැග්ග කලට නෙයිනගෙ ඒ සූදු පොළට   
          ගොනෙක් වගේ එළුවෙක් විත් පැන්නයි මැතිදුට අනින්ට
          වා සෙන් කිව්වා නෙයිනා එළුවා ගියා දුන්නු අණට
          දැනගෙන මේ රහස් සියළු මැතිඳා යයි ඔට්ටු පොළට

පි:      බලන්න පුදුමයි මහතුනි නෙයිනගෙ ඒ සූදු පිටිය
          එතන්ට චන්ඩියා තමයි සේද වත්තේ ජෝං ගොයිය
          දිනන්ට අත ගත්තු ගමන් මැතිඳුට ඔහු ඔරව හිටිය
          කොහෙං ආපු දෙමළෙක් දැයි කියල ජෝං නැගිට සිටිය

ගැ:     කුට්ටම හා සල්ලි මුදල් අරගෙන මැතිඳා එම විට
          ඇතුන් මැදට වන් කෙසරෙක් සිංහ නාද කරන ලෙසට
          දැනගල්ලා මෙතන ඉන්නෙ කොතලාවල කිව්ව කලට
          තනියෙන් මයි අල්ල ගත්තෙ විස්සක් අත් අඩංගුවට

පි:      පැන්න කලට චණ්ඩි ජෝං පිහියක් අරගෙන අනින්ට
          දුන්න මැතිද පයින් එකක් බිව් රං කිරි කටින් එන්ට
          ඉන්න හිටින්ටත් බැරිවුණි මළ මුත්තර පිටවු කලට
          ඔන්න එවිට ආව එළුවා පැනගෙන මැතිඳුට අනින්ට

ගැ:     කාගෙන් බේරුණත් බැරිය එළුවාගෙන් මාරුවෙන්ට    
          වේගෙන් පැන්නා මැතිඳා ඒ වුනාට ඉදිරිපිටට
          උඹ ද මිතුරෙ හතර ගාතෙ චණ්ඩියා කියමින් මෙතෙන්ට
          දුන්නා වම් පයින් එකක් පස්ස ගාතෙ කැඩිල යන්ට

පි:      ඉතිං අම්මෙ ඉදල මොටද කියල නෙයින පැන විජහට
          අතිං පයිං නෙමෙයි ඔන්න කානු හතයි පිස්තෝලෙට
          ගනිං මේක කිව්ව නමුත් පත්තු නොවුනි මැතිඳු පිනට
          මුනින් වැටුනි නෙයින තම්බි මැතිඳ දුන්නු මරු පහරට

ගැ:     නෙයිනට රුපියල් දාහයි දහය බැගින් අනිත් අයට
          ගෙව්වයි දඩ බොහෝ දෙනෙක් බැරිවුනි තව හත් දෙනෙකුට
          හැත්තෑවක් ගෙවලා මැතිඳා ගත්ත ඔවුන් හැම එළියට
          ඇත්තයි අපි මල් පුදන්ට ඕන ඔහොම වීරයන්ට

පි:      එක්ක ඇවිත් ඒ හත් දෙන කෙහෙල් වත්තෙ පිට්ටනියට
          පියෙක් ලෙසට ඔවදන් දී දුසිරිතයෙන් වලකින්නට
          දෙකක් පාර බැගින් දුන්නෙ මිතුරනි එය මතක් වෙන්ට
          කොතෙක් රිදුන නමුත් ඔවුන් මැතිඳුට වැද ගියයි යන්ට

ගැ/පි:  එතුමා කළ දස්කං නං එක කටකට බැහැ කියන්ට
          හැමදාමත් මතක් වෙන්ට ඉතිහාසෙත් තියෙයි හොඳට
          හිටියානං අද වෙනතුරු රජ කරනව ලංකාවට
          එතුමා සුරපුර වැඩියේ අපේ තියෙන අහේතුවට

මේ වචන මෙතනින් download කරගන්න (pdf reader අවශ්‍ය යි)


 මෙතනදි කියවෙන ජෝන් කොතලාවල කියන්නේ අපේ හිටපු අගමැති සර් ජෝන් කොතලාවල මැතිතුමාගේ පියා වන 'ජෝන් ජ්‍යෙෂ්ඨ කොතලාවල' මහතා යි.

නැවත හමුවෙමු.

Tuesday 5 August 2014

Flight of the Double Sunrise

Let me ask you a simple question;
       Which airline operates the longest flight in the world?

       It has a simple answer. If you Google it you'll find the Australian "Qantas" airline operates a Boeing 747-400ER flight (flight no. QF 7) from Sydney to Dallas/Fort Worth International Airport at Texas/USA taking 15 hours and 25 minutes to travel a distance of 13,804 km is the longest flight in the current world.
       But I heard a new, interesting news last weekend. Actually there was a flight which was known as the "Flight of the double sunrise" which took 27 - 33 hours to travel a total distance of 6,480 km. Although the distance is not that much it took more than one day, which gave that name.So the crew had seen the sunrise twice before they land.

       The more interesting thing is that the flight was from  Nedlands in Western Australia to the Royal Air Force base at Lake Koggala, Galle in Sri Lanka. Isn't that amazing. This happened from 1943, after Singapore had been captured by Japan during World War 2, to re-establish the Australia–England air link. Koggala was used as the re-fueling base for the flight.
       The 1st flight happened on 30th June 1943 and the last on 18th July 1945. In between there were 271 flights across the enemy territory over the Indian Ocean. So brave crew did this for 2 years and to celebrate the 70th Anniversary of  'The Double Sunrise Flights', a 30 minute documentary film was made in 2013.

Check the following links for more details.
    http://en.wikipedia.org/wiki/The_Double_Sunrise
    http://www.catalinadoco.com/
    http://britishfortress.com/download/Double_Sunrise_service_docx_Compatibility_Mode.pdf

Tuesday 9 April 2013

Need to be remembered....


I am a big fan of the famous Actor, film director; Mel Gibson. Sometime back I got a copy of "We were soldiers" film, released in 2002 and got the time to watch it last week. It's all about war, to be exact, what happened in Vietnam war between Vietnam army and US army. In the film I got the attention of the song "Lay me doon".

I thought initially its old English, but after some background research I get to know that its Scottish. The name of the song is "Sgt. McKenzie", written by Joseph Kilna McKenzie. It has a history and if you like just google it. The song is beautiful and word goes like this.

"Lay me doon in the caul caul groon
Whaur afore monie mair huv gaun... //

When they come a wull staun ma groon - Staun ma groon al nae be afraid
Thoughts awe hame tak awa ma fear - Sweat an bluid hide ma veil awe tears
Ains a year say a prayer faur me - Close yir een an remember me
Nair mair shall a see the sun - For a fell tae a Germans gun

Lay me doon in the caul caul groon
Whaur afore monie mair huv gaun... //"


The English Translation goes like this.....


"Lay me down in the cold cold ground
Where before many more have gone ... //

When they come I will stand my ground - Stand my ground I’ll not be afraid
Thoughts of home take away my fear - Sweat and blood hide my veil of tears
Once a year say a prayer for me - Close your eyes and remember me
Never more shall I see the sun - For I fell to a Germans gun

Lay me down in the cold cold ground
Where before many more have gone...//"

If you like to here it, here is the audio Lay me doon (Listen to this with your eyes closed....)

This reminded me a poem that I learn during my school life, which gave me the same strong feeling. The title of the poem is "The Soldier" written by the famous English poet Rupert Brooke (1887 - 1915). It's words are like this....

"IF I should die, think only this of me:
    That there's some corner of a foreign field
That is forever England. There shall be
    In that rich earth a richer dust concealed;
A dust whom England bore, shaped, made aware,
    Gave, once, her flowers to love, her ways to roam,
A body of England's, breathing English air,
    Washed by the rivers, blest by the suns of home.

And think, this heart, all evil shed away,
    A pulse in the eternal mind, no less
        Gives somewhere back the thoughts by England given;
Her sights and sounds; dreams happy as her day;
    And laughter, learnt of friends; and gentleness,
        In hearts at peace, under an English heaven."

This represents his life I guess.  He was born in England and was a member of Royal Naval division when he was died in 1915 as a 28 old soldier in Skyros, Greece. He was buried there. 

So thing about war songs is that they are sad, at the same time the beauty of its words and feelings make us like it. I just wondered whether Sri Lanka has a song like that, feelings from a soldier, because we were at a civil war for over 3 decades. While doing the search I find this song very attractive.

Song title is “සෙබලානනේ“ (Sebalanane - Fellow Soldier). Listen the song first. It's beautiful.... Sebalanane

This is sung by Raj Wickramasinghe, lyrics Sunil Yogendra and Music by Ernie Pieris.

Simple meaning of this song goes like this... (BTW I'm not very good at translating, but this may help)

"My fellow soldier, you are not dead - but you blossomed as a flower in my heart
Be a tear in my eye - and make me cry during this night

I can still remember that we are on war, together in distant lands
But you went along with the death unexpectedly, making rivers of blood on the motherland

Brother you are not dead - but you blossomed as a flower in my heart
Be a tear in my eye - and make me cry during this night

You left our nation like a hero, hence there will be red flowers blossomed to your name
I am living a very painful life without you and may this song be an offering to your name"

So those are three beautiful war songs that took my heart. And there are in 3 languages. That's the surprise of it.
Make some comments if you like these. Good day.....

Friday 9 November 2012

ප්‍රස්ථාව පිරුළු (Prastha Pirulu)

පහුගිය දවසක මට වුණ අපහසුතාවයක් හින්දා හිතුනා මේ post එක දාන්න.
මට අවශ්‍ය වුණා සිංහල ප්‍රස්ථා පිරුළු ටිකක් හොයා ගන්න. ඒත් අන්තර්ජාලයේ එක තැනක එහෙම ගොඩක් තියෙන තැන් හරිම අඩුයි. ඉතිං මම හිතුවා නිතර අහන්න ලැබෙන ප්‍රස්ථා පිරැළු ටිකක් මේ විදියට දාන්න.

1. අටුව කඩා පුටුව සෑදුවා වාගේ.
2. පිරුණු කළේ දිය නොසැලේ.
3. වක්කඩේ හකුරු හැංගුවා වාගේ.
4. ගමරාළ දිව‍්‍ය ලෝකේ ගියා වගේ.
5. ගමරාළගේ වංගෙඩිය වා‍ගේ.
6. අබරා (අබරං) සිල් ගත්තා වා‍ගේ. (ගමරාළ සිල් ගත්තා වාගේ.)
7. ආඬි හත්‍ දෙනාගේ කැද හැලිය ‍වාගේ.
8. පනින රිලවුන්ට ඉනිමං බදින්නා වා‍‍ගේ.
9. කපන්න බැරි අත ඉඹිනවා වාගේ.
10. නටන්න බැරි මිනිහා පො‍ළව ඇදයි කිව්වා වාගේ.
11. ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්නා වාගේ.
12. වත්ත බද්දට දී ඇස්සට දත නියවනවා වාගේ.
13. වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව.
14. ලූලා නැති ව‍ලට කනයා පණ්ඩිතයා.
15. හිත ඇත්නම් පත කුඩාද.
16. හිඟන්නාගේ පාත්තරේට හෙනහුරා ‍වැටුනා වා‍ගේ.
17. හිඟන්නාගේ තුවාලය වාගේ.
18. කම්මලේ ඉන්න බල්ලා වාගේ.
19. බුරන බල්ලා හපා නොකයි.
20. බල්ලට ඇති වැඩකුත් නෑ හිමින් ගමනකුත් නෑ.
21. බල්ලා පිඳුරු කන්නෙත් නෑ, කන ගොනාට දෙන්නෙත් නෑ.
22. බල්ලෙක් බිරුවට කන්දක් පාත් වේද?
23. ගලේ පහරපු බළලා වාගේ.
24. දී කිරට බළල්ලුත් සාක්කිලු.
25. බළලුන් ලවා කොස් ඇට බාවනවා වාගේ.
26. වඳින්න ගිය දේවාලේ ඉහේ කඩා වැටුනා වාගේ.
27. පනින්න පෙර සිතා බලනු.
28. ඌරන් කැකුණ තලනකොට හබන් කුකුළන්ට ජය මඟුල්.
29. හැමදාම දකින කුකුළගේ කරමලේ සුදු වුණා වාගේ.
30. උඩ පැන්නොත් බිම වැටේ.
31. ඇඟිල්ලේ තරමට ඉඳිමෙන්න.
32. ගඟට කැපුව ඉනි වගේ.
33. කළුවා මාරපන ගියා වගේ.
34. උගුරට හොරා බෙහෙත් බොනවා (කනවා) වාගේ.
35. හොරාගෙ අම්මගෙන් පේන අහන‍වා වාගේ.
36. දිළිසෙන සියල්ල රත්තරං නොවේ.
37. අතීසාරෙට අමුඩෙ ගැහුවා වාගේ.
38. කබලෙන් ලිපට වැටුනා වාගේ.
39. කිඹුලා කන එක ඉවසන්න පුළුවන්, කොහිල කටු ඇනෙන එක තමයි ඉවසන්න බැරි.
40. ගිලීමලෙත් ඇත දත සුද්දෝ.
41. විෂ්ණු දෙයියෝ බටකොළ කෑවා වාගේ.
42. ඉහේ ඇම්මට කොට්ටෙ මාරුකලා වාගේ.
43. පරංගියා කෝ‍ට්ටේ ගියා වාගේ.
44. ඉඟුරු දීලා මිරිස් ගත්තා වාගේ.
45. අන්දරේ සීනි කෑවා වාගේ.
46. ඉත්තෑවාගේ ගෙට කබල්ලෑවා රිංගුවා වාගේ.
47. ඉස්සරින් ආපු කනට වඩා පස්සේ ආපු අඟ ලොකු වුනා වාගේ.
48. නටපු නැටුමකුත් නෑ, බෙරේ පළුවකුත් නෑ.
49. කන්න හිතුනම කබරගොයත් තලගොයා වෙනවලු.
50. උණහපුළුවාට උගේ පැටියා මැණිකක්ලු.
51. මුහුද හත් ගව්වක් තියා අමුඩ ගහන‍වා ව‍ාගේ.
52. කොකාට වාරයක් නම් තිත්තයාටත් වාරයක් එනවලු.
53. කොකා බක තපස් රැක්කා වාගේ.
54. කන කොකාගේ සුද පේන්නේ ඉගිලෙනකොටලු.
55. ඉබ්බා අහසින් ගියා වාගේ.
56. ඉබ්බා දියේ දැම්මා වාගේ.
57. පෙරලෙන ගලේ පාසි නොබැදේ.
58. ගල හොඳනම් අඹරන කහ මක් වේද?
59. කතාව දෝලාවෙන් ගමන පයින්.
60. කොහොඹ ගහට කරවිල වැල ගියා ව‍ගේ.
61. කටුස්සාගේ කරේ රත්තරං බැන්දා වාගේ.
62. මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑවා වාගේ.
63. මඩ සෝදා ගත් කළ ගොවියා රජකමටත් සුදුසුය.;
64. කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුව වගේ.
65. හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ.
66. අඬන්න ඉන්න මිනිහට ඇඟිල්ලෙන් අනින්නා වාගේ.
67. උරුලෑවා ගිය පාර වගේ.
68. අබුද්දස්ස කාලේ ලබුත් තිත්තයිලු.
69. අ‍‍ඟේ ඉඳං කන කන‍වා වාගේ.
70. ගිනිපෙනෙල්ලෙන් බැට කාපු එකා කණාමැදිරි එළියටත් බයයිලු.
71. වෙහෙර ගිලපු එවුන්ට අග්ගලා කජ්ජක්ද?
72. කන කැස්බෑවා විය සිදුරෙන් අහස බලන්නා වාගේ.
73. පුහුල් හොරා කරෙන් දැනේ.
74. ගලෙන් පට්ට ගන්නවා වාගේ.
75. දත් නැති දා උක් දඬු ගිනි තපින්නද?
76. ලැජ්ජා නැතිකම මහමුදලි කමටත් වඩා ලොකුයිලු.
77. ඇටි කෙහෙල් කාපු උගුඩුවා වාගේ.
78. ඉබ්බාගෙන් පිහාටු ඉල්ලනවා වාගේ.
79. පල නොකියා පලා බෙදන්නා වාගේ.
80. ගහ දන්න මිනිහට කොළ කඩා පාන්නා වාගේ.
81. නංගි පෙන්නලා අක්කා දෙනවා වාගේ.
82. ගහේ කටු උල් කරන්න ඕන ද?
83. දාහට අරං සීයට දුන්නා වාගේ.
84. ඇතා වැහැරුනත් කොරහේ නාවන්නට බැරුවා වාගේ.
85. අත්හැරෙන දීගේ හෙවනැල්ලත් ඇදයිලු.
86. අබ කෑ මිනිහගේ මොළේ දනවා වාගේ.
87. අතු කඩා මොර කන්නා වාගේ.
88. අනුන්ගේ පහනින් එළිය බලනවා වාගේ.
89. පෙරහැරේ යන අලි කොට අදින්නේ නැතුවා වාගේ.
90. යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද?
91. වඩුවගේ ගෙදර පුටුව නෑ වාගේ.
92. උණු හින්දා බොන්නත් බෑ, කිරි හින්දා හලලත් බෑ.
93. එළිපත්ත උඩ ඉන්න බළලා වාගේ.
94. රයිගමයයි, ගම්පලයයි වාගේ.
95. වන්සේ කබල් ගාන්නා වාගේ.
96. ඌරගේ මාළු ඌරගේ ඇගේම තියලා කපනවා වාගේ.
97. කිතුලට ගිය එකාටත් කියන්න දේවල් තිබුනලු.
98. බල්ලගේ වැඩේ බූරුවා කරන්න ගියා වාගේ.
99. අන්ධයෝ අලියාගේ හැඩ කිව්වා වාගේ.
100. ලිදෙන් වතුර බීලා මුහදට ආවඩන්නා වාගේ.

දැනට ඔය ඇති. වෙලාව තියෙනවනම් මේ තැන් වලටත් ගිහිල්ල බලන්න.

http://www.pirulu.com/
http://www.sathutuuyana.lk/General knowledge.html

Friday 27 April 2012

මත වර වරනිඳුන්ට (‍නෝනගෙ අම්බලම) - Mata wara waranidunta (Nonage Ambalama)



සෑ‍හෙන කා‍ලෙකින් හිතුනා ලියන්න. ‍හේතුව, මම ‍ගොඩක් කලක් තිස්‍‍සේ ‍හොය ‍හොයා හිටපු සිංදුවක් පහුගිය මා‍සේ ‍හොයා ගන්න පුලුවන් වුණා. 

කාලයක් ජාතික රූපවාහිනි‍යේ ‍මේ සිංදුව අවුරුදු කා‍ලෙට ප්‍රචාරය වුණා. හැබැයි දැන් හුඟ කා‍ලෙකින් ඇහු‍නේ නෑ. මම ‍මේක record කරගත්‍‍තේ පහුගිය දවසක මම බලන්න ගිය ‍වේදිකා නාට්‍ය ගීත ප්‍රසංගයකදී. ‍මේක එච්චරම quality නෑ. ඒ වුනත් ‍මේක ‍හොයා ගන්න තිබුණ අමාරුව හින්දම හිතුනා blog එ‍කේ දාන්න. රසවිදලා බලලා comments දාන්න.


සිංදුව කිය‍න්‍‍නේ රත්නා ලාලනී ජය‍කොඩි මිස් (ම‍ගේ ගුරුවරියක්). නාට්‍ය ගීතයක් ව‍ගේ තිබුණට, මම දන්න තරමින් මේක නාට්‍ය ගීතයක් ‍නෙ‍වෙයි (වැරදි නම් සමා‍වෙලා නිවැරදි කරන්න). වචන යන්‍‍නේ ‍මෙහෙමයි (‍මේ වචනත් වැරදි නම් කරැණාකර නිවැරදි කරන්න)



මත වර වරනිඳුන්ට - මන බැදි සකිසඳුන්ට
හද ‍කොදවිල පි‍පෙන්ඩ - ‍මේ කවි ලියුම ‍දෙන්න
ඇත් කුණ්ඩ‍ලේ ඉන්න - ‍ගෝමර තනි ඇතින්න
රන් යානක නිදන්න - දින ගනිතැයි කියන්න

සම‍නොල නගින රෑට - බක්මහ පෝය දාට
නෝන‍ගෙ අම්බලමට - මං එනවා කියන්ඩ //
එන කිරි ‍කෝඩුලාට - පඬුරක්‍ ‍වෙන් කරන්න //

මත වර වරනිඳුන්ට...

මුල්කිරිගල පාමුල - අප්පච්චි‍ගෙ සීපද
ඇහිලා එක හී‍නෙක - දුක හිතුනා කියන්ඩ //
උන්දැට පිං‍දෙවන්න - සිරිපා වන්දවන්න //

මත වර වරනිඳුන්ට....

‍මෙතනින් අහලා බලන්න මත වර වරනිඳුන්ට
(සිංදු‍වේ වචන විශාල කර බලන්න ‍මේ සමඟ ඇති කුඩා වචන ‍පෙල මත click කරන්න.)

ලස්සන සිංදුවක්. ඔයාලත් කැමතිනම් comment දාන්න. පස‍්සේ නැවත ලියන්නම්.