If you can't read Sinhala, get the fonts from here
Showing posts with label කවි. Show all posts
Showing posts with label කවි. Show all posts

Thursday, 26 March 2015

නෙයිනගේ සූදූව ගීතය (වචන සමඟ) - Neinage Suduwa Song with lyrics

අද මම ඉදිරිපත් කරන ගීතය අපි හැමෝම වගේ අහල තියෙන, දැනටත් ඇහෙන ගීතයක්. ඒ වුනාට මේකේ වචන හොයාගන්න හරි අමාරුයි. ඉතිං මම හිතුවා වචන ටික post කරන්න.

මෙය ගීතවත් වන්නේ 1983 දී ප්‍රථම වරට රඟ දැක්වුන දයානන්ද ගුණවර්ධන ශූරීන්ගේ “මධුර ජවනිකා“ වේදිකා නාට්‍යයේයි. එතුමන් පිළිබඳ වැඩි විස්තර අවශ්‍ය නම් මෙතනින් බලන්න. ගීතය ගයමින් ඉදිරිපත් කරන්නේ ප්‍රවීන නළු නිලි යුවලක් වන ජැක්සන් ඇන්තනි මහතා සමඟ අනුලා බුලත්සිංහල මහත්මියයි. දයානන්ද ගුණවර්ධන මහතාගේ වචන වලට සංගීතය මුසුකලේ බන්දුල විජේවීර මහතායි.

ගීතය මෙතනින් බලන්න. mp3 ඔිනනම් මෙතනින් හෝ මෙතනින් ගන්න.

වචන ටික මෙහෙමයි (වචන වල වැරදි තියෙනවා නම් සමාවෙලා comment කරන්න.)




පි:      පළමු ව මම වැන්ද බුදුන් සිහි කර ගෙන ඒ ගුණ කඳ
ගැ:     දෙවනු ව සද්ධර්මේ උතුම් මුදුනත් කර මෙන්න වැන්ද
පි:      තෙවනු ව මහ සංඝරත්නෙ වැඳ සුරන් ට පින් දී සොඳ
ගැ:     කියනවා අපි නෙයිනගෙ සූදුව කවියෙන් කර ප්‍රබන්ධ

පි:      සිරින් සපිරි අපෙ ලක්දිව අසුවුනි ඉංග්‍රිස් රජුන්ට
          කෙලින් ඉන්ට නො දී අපට බලේ ගත්ත ඔවුන් අතට
          පිටින් ආපු හම්බ හෙට්ටි හැත්ත පිරුණ කොළොං පුරට
          ඔවුන් අතර හිටිය නෙයින තම්බි කියල කෙනෙක් ජයට

ගැ:     සොඳින් මසන් ගස් හන්දියෙ නෙයින උන්නු ගෙයි විස්තර
          නගින්ඩ එහි තට්ටු හතයි යටටත් ඒ තරම් විතර
          තදින් ම සූදුව එතනයි නිලධාරිත් ඇවිත් නිතර
          පනින්ඩ බෑ අල්ලන්නට ආණ්ඩුවත් බයයි මිතුර

පි:      මෙකලා වීරයෙක් උන්න කොතලාවල කියල සොඳට
          හිතලා වැඩ කරන එතුමා ජෝන් නමින් පුරසිද්දෙට
          ලැබිලා ගුරු තනතුරකුත් පසුව ගියා රේල්ලුවට
          එකලා ඔහු කළ දස්කං කියනවා මං පෙළින් පෙළට

ගැ:     අල්ලස් දී පොලීසියට කොස් ගස් හන්දියේ ජයට
          නෙයින තම්බි සූදු කෙළිය කාටත් බෑ අල්ලන්නට
          ආණ්ඩුවත් සතුටු වෙලා රජෙක් වගේ උන්නු මැතිට
          සාජන් මේජර් කෙරුවා කොටහේනේ පොලීසියට

පි:      එක්ක ගිහින් පොලිස් භටයො දොළොස් දෙනෙක් මරදානට
          ඉක්මන් කර කම්බ සරොං පට ලේන්සු දී අදින්ට
          සල්ලි දීලා ඔවුන් අතට යන්ට කිව්ව සූදු පොළට
          ඊට පස්සේ සිද්ධ වෙච්ච දේ පුදුමයි අහං ඉන්ට

ගැ:     ඇඳ ගෙන සුදු වේට්ටියක් ජටාවකුත් බැඳ හිස වට
          ගා ගෙන තුන්නූරු ටිකක් දෙමළ හෙට්ටියෙක් විලසට
          අර ගත්තා බෑග් එකක් නෝට්ටු කොළ දැම්ම ඊට
          නැගගත්තා රික්ෂෝවක අපෙ මැතිදා යයි විගහට

පි:      දකිමින් මේ හෙට්ටි අයිය නෙයින සලං දැම්ම හොඳට
          එන්න කාරියම් වන්ද දු සංගදි සොල්ලු ම් බෝමට
            නවවංදදු විලයාට්ටු තුපන්කාර ඔන්ඩ කිට්ට
            ඔන්න ඉතිං වාව කියලා එක්ක ගියා ගේ ඇතුලට

ගැ:     තට්ටු හතක් නැග්ග කලට නෙයිනගෙ ඒ සූදු පොළට   
          ගොනෙක් වගේ එළුවෙක් විත් පැන්නයි මැතිදුට අනින්ට
          වා සෙන් කිව්වා නෙයිනා එළුවා ගියා දුන්නු අණට
          දැනගෙන මේ රහස් සියළු මැතිඳා යයි ඔට්ටු පොළට

පි:      බලන්න පුදුමයි මහතුනි නෙයිනගෙ ඒ සූදු පිටිය
          එතන්ට චන්ඩියා තමයි සේද වත්තේ ජෝං ගොයිය
          දිනන්ට අත ගත්තු ගමන් මැතිඳුට ඔහු ඔරව හිටිය
          කොහෙං ආපු දෙමළෙක් දැයි කියල ජෝං නැගිට සිටිය

ගැ:     කුට්ටම හා සල්ලි මුදල් අරගෙන මැතිඳා එම විට
          ඇතුන් මැදට වන් කෙසරෙක් සිංහ නාද කරන ලෙසට
          දැනගල්ලා මෙතන ඉන්නෙ කොතලාවල කිව්ව කලට
          තනියෙන් මයි අල්ල ගත්තෙ විස්සක් අත් අඩංගුවට

පි:      පැන්න කලට චණ්ඩි ජෝං පිහියක් අරගෙන අනින්ට
          දුන්න මැතිද පයින් එකක් බිව් රං කිරි කටින් එන්ට
          ඉන්න හිටින්ටත් බැරිවුණි මළ මුත්තර පිටවු කලට
          ඔන්න එවිට ආව එළුවා පැනගෙන මැතිඳුට අනින්ට

ගැ:     කාගෙන් බේරුණත් බැරිය එළුවාගෙන් මාරුවෙන්ට    
          වේගෙන් පැන්නා මැතිඳා ඒ වුනාට ඉදිරිපිටට
          උඹ ද මිතුරෙ හතර ගාතෙ චණ්ඩියා කියමින් මෙතෙන්ට
          දුන්නා වම් පයින් එකක් පස්ස ගාතෙ කැඩිල යන්ට

පි:      ඉතිං අම්මෙ ඉදල මොටද කියල නෙයින පැන විජහට
          අතිං පයිං නෙමෙයි ඔන්න කානු හතයි පිස්තෝලෙට
          ගනිං මේක කිව්ව නමුත් පත්තු නොවුනි මැතිඳු පිනට
          මුනින් වැටුනි නෙයින තම්බි මැතිඳ දුන්නු මරු පහරට

ගැ:     නෙයිනට රුපියල් දාහයි දහය බැගින් අනිත් අයට
          ගෙව්වයි දඩ බොහෝ දෙනෙක් බැරිවුනි තව හත් දෙනෙකුට
          හැත්තෑවක් ගෙවලා මැතිඳා ගත්ත ඔවුන් හැම එළියට
          ඇත්තයි අපි මල් පුදන්ට ඕන ඔහොම වීරයන්ට

පි:      එක්ක ඇවිත් ඒ හත් දෙන කෙහෙල් වත්තෙ පිට්ටනියට
          පියෙක් ලෙසට ඔවදන් දී දුසිරිතයෙන් වලකින්නට
          දෙකක් පාර බැගින් දුන්නෙ මිතුරනි එය මතක් වෙන්ට
          කොතෙක් රිදුන නමුත් ඔවුන් මැතිඳුට වැද ගියයි යන්ට

ගැ/පි:  එතුමා කළ දස්කං නං එක කටකට බැහැ කියන්ට
          හැමදාමත් මතක් වෙන්ට ඉතිහාසෙත් තියෙයි හොඳට
          හිටියානං අද වෙනතුරු රජ කරනව ලංකාවට
          එතුමා සුරපුර වැඩියේ අපේ තියෙන අහේතුවට

මේ වචන මෙතනින් download කරගන්න (pdf reader අවශ්‍ය යි)


 මෙතනදි කියවෙන ජෝන් කොතලාවල කියන්නේ අපේ හිටපු අගමැති සර් ජෝන් කොතලාවල මැතිතුමාගේ පියා වන 'ජෝන් ජ්‍යෙෂ්ඨ කොතලාවල' මහතා යි.

නැවත හමුවෙමු.

Sunday, 13 June 2010

වැලි තලප කමු ද? හදමු ද?

අපි හැමෝම කැමති කෑමක්නේ වැලි තලප. කන්න පුළුවන් වුනාට හදන හැටි දන්නව ද? මෙන්න ක්‍රමය. ටිකක් පරණ කවි වගයක්, කියවලා බලලා, හදලා, රහ ගුණ මටත් කියන්න....

කවි පෙල ලියලා තියෙන්නේ ඔදානිස් රබන් ගුරුතුමා.

1. කැකුළු සහල් පිටියෙන් ද
‍වටකර ඔලු ඇට මෙන් ද
තම්බා කඩ පිම්මෙන් ද
සුරැකිව තබා යෙහෙන්

2. කිතුල් හකුරු සමඟින් ද
මඳක් සීනි සමඟින් ද
හැඳිගා කකාරමින් ද
ලණු වැටෙනා පදමින්

3. තිවග දෙදුරු සමඟින් ද
එක එක පමණ යසින් ද
බැද සුන් කර ගනිමින් ද
එකතුව සෑම දෙයින්

4. බඳුනක ලා සතොසින් ද
සමකර යස විලසින් ද
එදවස පසුව ගොසින් ද
ගනිමින් නැවත තොසින්

5. කැබලිව සැනින් කපා ම
රඹ කැන් සමඟ කදී ම
ලොව සතහට සොඳ කෑ ම
අසනුව නැණැති සියල්

6. උදය උදය සැමදා ම
වළඳා උනු පැන් බී ම
සත් සිත් වෙර පිනවා ම
මියුරු දෙයකි සුවිපුල්

7. වැලි තලපය යන නා ම
පැවසුය පෙරැදුරු සෑ ම
වා පිත් සමන කිරී ම
කදිමට වේ නිරවුල්

8. තකිරඟ කිරන කිදෙන් ද
සිටිතක තක්කිට කින් ද
දොමිකිට කිමිතක කුන් ද
ජෙනෙකිට ගුදිත ගුදන්


පදවැල
ඔලු ඇට = ඕලු ඇට
කඩ පිම්මෙන් = වණ්ඩුවෙන්
ලණු වැටෙනා = නූලක් මෙන්
තිවග = කරාබු නැටි, වසාවාසි, සාදික්කා
දෙදුරු = සූදුරු, මාදුරු
සුන්කර ගනිමින් = කුඩුකර ගනිමින්
සුවිපුල් = ඉමහත්

Monday, 16 March 2009

අන්දරේගේ කවි......

කලින් මම රාජසිංහ රජුගේ කවි ටිකක් දැම්මා මතක ඇති. මට දැන් හොයාගන්න පුළුවන් වුනා අන්දරේගේ කවි වගයක්. බලන්න මේවා මතකද කියලා.....?

මුලින් අන්දරේ ගැන පොඩ්ඩක් කියලා ඉන්නම්. අවුලක් නෑනේ.......

අන්දරේ කියන්නේ, කවටයෙක්, රාජ සේවකයෙක්, නුවණැත්තෙක්, කවියෙක්; සේරටම වඩා හොද මිනිහෙක්. ඒ හින්දා තමයි අන්දරේ බාල, තරුණ, මහලු කා අතරත් එකවගේ ජනප්‍රිය වෙලා ඉන්නේ. හරි, අන්දරේ ඉපදුනේ මාතර දික්වැල්ල ප්‍රදේශයේදී. ඔහු රාජාධි රාජසිංහ රජු (ක්‍රි.ව. 1782 - 1798, මහනුවර) යටතේ රාජ්‍ය සේවය කළා. හරි, දැන් එහෙනම් අන්දරේ කියපු කවි ටිකක් අහමු.

අපි හැමෝම දන්න විදියට, අන්දරේ වැඩියෙන්ම කවි කියලා තියෙන්නේ කාන්තාවන්ට. බලන්න මේ කවි දිහා.......

1. වතට ලවනතට නුඹ බලන බැල්මට
වරලසට ‍බෙල්ලට නළලට නාසිකාවට
ගමනට බසට නුඹ හට ලොබ කළ මෙමට
මොනවට කියම් නිදි නැත රැය තුන් යමට

2. යන්තම් සිනා නුඹෙ මූනට කුමක් වැනී
රන් දම් වැලක මල් පෙති ඇමුණුවා වැනී
අන්දම් ඊට සරි කරතොත් කුමක් වැනී
පන්දම් වැට උඩින් හ‍‍‍‍ද පෑව්වා වැනී

3. පතුල බැසා අල උදුරන කලට ලියේ
මකුල සේම වත ඉහලට යාය ලියේ
මුකුළු සිනා අප දැක කෝඩු කාරියේ
කැකුළු තන තෙමෙයි නොබසින් ගැඹුරු දියේ

4. ඉහළ ගෙදර තල පැදුරේ කොබෙයියා
පහළ ගෙදර වී පැදුරේ කොබෙයියා
මන් දැකලා දොර අස්සෙන් එබෙයියා
ටිකිරි නගේ පියයුරු කයි කොබෙයියා

5. හිරකර ඇතත් තන පට තද කරම් බැද
දුරටම මට පෙනුනි නුඹෙ රං තැඹිලි කද
කරදර කරති මට මාගේ කිපුනු මද
නරකද මාත් නා ගත්තොත් එකට හිද

6. පායන්නේ තරිදු ලොව එළි කරණ මෙනි
රෑ වෙන්නේ ල‍දේ නුඹ වෙත ගත් ලොබිනි
නොසොයන්නේ මෙමා පූරුවෙ කල පවිනි
ගෑණුන්නේ තරම දැනුනේ මට නුඹෙනි

7. ලේනුන් නොයන අතු අග ගිජිදු යන ර‍ගේ
පීනුන් නොදැන බැස්සා වැන්න මහ ගගේ
මාළුන් කෙලියාට දිය බොර වේද ගගේ
ගෑනුන් දුටුවාම බඩ දගලාය මගේ

8. මහමී කුඩාමී වනයේ බොහොම ඇතී
කොයි කොයි මලෙන් මුත් බඹරුන් රොන් ගනිතී
කොතන උනත් හරිනෙද මැණික රුව ඇතී
රුව ඇත්නම් අඩු කුලයද කමක් නැතී

9. පල ඇත්නම් වවුලොත් එල්ලෙති පේණු
රුව ඇත්නම් අපටත් බස් දෙති ගෑණු
දෑසින් එයි කදුලු බිදු නොහැකිය වාණු
ඉතින් මොටද මේ වයසට නැති ගෑණු

මේ කවි වලින් පේන්නේ, අන්දරේ හොදට වගේම නරකටත් කවි කියා තියෙන බවක් නේද? කොහොමහරි අන්දරේ මුලින් නරකට කියලා පස්සේ හොදට කියපු කවි ද්විත්වයනුත් තියෙනවා. මෙන්න මේ වගේ.......

10.1. කට කැඩි කළේ සිය උකුලේ තබා ගෙන
ලොට තන දෙකක් ගෙරි සමකින් වසාගෙන
තඹත් ලෝකඩත් දෙවගේ පැළද ගෙන
රොඩී කෙල්ල කොයි යනවද උදෑසන

10.2. රන් බැදි කළේ සිය උකුලේ තබා ගෙන
රන් කුඹු දෙකක් පට සළුවෙන් වසාගෙන
රිදී රත්තරන් දෙවගේ පැළද ගෙන
මල් මද බිසෝ කොයි යනවද උදෑසන

11.1. බොහොම හොදට රන්කම් කල වැඩක් වගෙයි
දේව තුමට මහ බඹු කල ලියක් වගෙයි
ලෝකෙ ඉන්න පඩිහට පිස්සුවක් වගෙයි
කොහොඹ ගහට කරවිල වැල ගියා වගෙයි

11.2. කොහොඹ හොද දෙයට වෙද‍වරු ගනින්නා
කරවිල අම පලක් ලෙස ගෙන බුදින්නා
පඩිවරු පිස්සුවක් මෙන් නිති බනින්නා
මම්වද වරදකරු අහකින් සි‍ටින්නා

ඒ විතරක් නෙවෙයි, තවත් කවි ගොඩක් අන්දරේ කියලා තියෙන‍වා. බලන්නකෝ කියවලා........

12. තුටු දෙපා කරවන මට නොවන උපා
දුටු කෝපා වඩවන තෝ අපට එපා
තොපට එපා නම් එක වාරයක් අපා
අපට එපා පන්සිය වාරයක් තොපා

13. හිනා හතර හැර තව හිනාවක් වෙනා
හිනා වෙන්ට කරුණක් නැතිව මන පිනා
හිනා වූ නිස නිකරුනේ අමන ගොනා
ගොනා හිනා වුණ හැටියට මෙමට හිනා

හම්ම්ම්ම්....... ඔය ඇති. අන්තර්ජාලයේ පොඩි රවුමක් යනකොට හම්බවුණා හොද තැනක්. වෙලාව තියෙනවානම් ඒකත් බලන්න.

http://andaree.blogspot.com

Tuesday, 20 January 2009

Departure of King Rajasinghe (Sinhala poems)

මට ගිය සතියේ පරණ පොත් ටිකක් අදිනකොට හම්බවුනා මම කැමතිම කවි පංතියක්. මේ කවි පෙලේ රචකයා නම් මට හොයා ගන්න බැරි වුනා. ඒ වුනත් මේ දවස්වල හිතට වදින කවි පංතියක් හින්දාම මේක දාන්න හිතුවා. බලන්න කියවලා .........

සිරිවික්කම රා‍ජසිංහ රජුගේ වියෝගය

1. දෙදහස් වසක් සිට අප සතුව පැවතිය
නිදහස් කිරුළ අද සතුරන්ට අයිතිය

උදහස් කම නිසා සිය දනගෙ විමතිය
නිදහස් බව නසාගති සිහල ජාතිය

2. ඇහැලේපොළගෙ රැවටිලි බස් නොනිම්මේ
සිහලේ රදළවරු අදහාගෙන පෙම්මේ
තුමුලේ සිහල රද පෙළ වනසා දැම්මේ
සිහලේ වතුරදෝ!දැන් සිරිලක් අම්මේ

3. නීතිය මගෙ නොවේ එය දැනගත් නමුදු
බීතිය සිදු කළේ ඇහැලේ‍පොළ මැතිදු
ජාතිය රට සමය ඉන් සිහසුනද ඉ‍‍‍දු
පීතිය සිතින් පර සතුරන් වෙතම පිදු

4. අපායට බියෙන් මත්පැන් නොබිව් මට
උපායෙන් පොවා යළි මා ගෙන සතුට
පපා'දර සිටිය සුරතල් කුමරු සෙට
කපා දැමු බැවින් විය සතුරන්ට රට

5. නොකළෙමි කිසි දොසක් මගෙ සොහොයුරන් වෙත
දැරුවෙමි රටෙහි දියුණුව පිණිස නන් තැත
ඉවසමි මහත් දුක් ඉන් මේ ලෙසින් පත
සනසමි අහෝ! කෙලෙසින් ‍බොළද වෙන් කත


6. නෙක දුක් සැවොම වි‍‍දිමින් සොමි ගුණෙන් යුතා
විතරක් නොවන වැඩ සැදු මහ දනන් වෙතා
සිරිවික්කම නැමැති සුරතල් ඔබේ පුතා
අද දුක් විදින සිරකරුවෙකි අනේ! ඉතා

7. විහිදා දසත සරසත මිණි කිරණ රැසේ
දළදා මැදුර රන් කොත සමග නුඹ කුසේ
මහ දාගැබ් සිරස දිලි කොත් කැරළි රැසේ
පැහැදා පෙනේ තවමත් මට උතුරු දෙසේ

8. සවැනිය මුණි සදුගෙ සිරිපද මන කල්ල
ගිහිණිය සුමන ගිරි පෙරදිග සිරි දුල්ල
රමණිය අවර දෙස දිසි අත්තන ගල්ල
කැලණිය සහ පෙනේ තව තුරු පොල් නිල්ල

9. උපනෙමි ඔබගෙ කුස මෙලෙසින් පිරි රුසිරු
දැරුවෙමි කිරුළ විදිමින් සැම රජ ඉසුරු
සුරකිමි ඔ‍බගෙ දරු කැල බිදිමින් සතුරු
හැරයමි අද දුකින් ඔබ ලක් මවුණි ගරු

10. නොවහිම් යසස් දැරු සිරිලක් මෑණියනි
නමදිමි මහත් ගුණ ඔබ සිහිකර නිතිනි
රජකම් කලත් කලකම් පලදෙන බැවිනි

මෙතරම් දුකක් සිදුවිය මගෙ පෙර පවිනි

11. අහෝ! ගනදුරයි අද පෙරදිග මැණික
හො හෝ හඩ නැගෙයි හදවතෙහි ටික ටික
සහෝදර පිරිසගෙන් පැමිණි මේ දුක
කොහෝමත් විදිමි මම සතුටින් නිසැක

12.
විකුම් සිහල පරපුර සිහි තිබෙන තුරු
උතුම් රාජ ලේ ටික මගෙ සිදෙන තුරු
නෙතින් කදුලු නොහෙලමි දිවි ති‍බෙන තුරු
ඉතින් ආයුබෝවන් ලක් මවුණි ගරු



PS: If you have troubles in reading sinhala fonts, click here
To download poem in jpeg format click the image here....