If you can't read Sinhala, get the fonts from here

Saturday 1 May 2010

මගේ රටට දළදා හිමි සෙවණයි (සම්පූර්ණ ගීතය) ....

මේක අපි හැමෝටම හොඳට අහල පුරුදු සිංදුවක්. ඒ වුනාට මේ සිංදුවේ අන්තිම අන්තරා කොටස නිතර ඇහෙන්නේ නෑ. මට මතක විදියට ජාතික රූපවාහිනියේ මේ සිංදුවට තියෙන වීඩියෝ එකේ සම්පූර්ණ සිංදුවම තියෙනවා. ආපහු ප්‍රචාරය වෙන වෙලාවක අහල බලන්න.

මේක ලියලා තියෙන්නේ සුනිල් සරත් පෙරේරා, සංගීතය සංගීත් නිපුන් සනත් නන්දසිරි, ගායනය සනත් නන්දසිරි, මල්කාන්ති නන්දසිරි ඇතුළු පිරිස.... වචන මෙහෙමයි;


මගේ රටට දළදා හිමි සෙවණයි - මගේ දැයට දළදා හිමි සරණයි
සැපතින් සපිරුණු නිවහල් දෙරණයි - උපතින් මා හට මේ හැම උරුමයි... //

දළදා මැදුරේ රන්කොත මුදුනේ - මිණි කිරණින් මුළු රටම අවදි වේ //
දෙදහස් වසරක මහරු අතීතය - සීහ තේජසින් යළි පිබිදේ //
මගේ රටට....

මෙතැනම වේ දැය එකලෙස බැඳුණේ - සිත් තුළ බිය සංකා දුරු කෙරුණේ //
සමිඳුන් සෙවනේ ජය දද බැඳුනා - ජය බෙර වැයුනා ජය ගී ගැයුනා //
මගේ රටට....
දිළිඳු බවේ අගහිඟකම දුරුවී - දොරින් දොරට සිරි සෙත පෑදී //
ගම රට නැගුමට ශක්තිය දෙමු අපි - සිරි දළදා හිමි වරම ලැබී //

මගේ රටට....

මෙතනින් අහල බලන්න... මගේ රටට...

කොච්චර ලස්සන සිංදුවක් ද? ඇස් වහගෙන අහන් ඉන්න පුළුවන් නේද? මේකෙ වචන පාඩම් කරගෙන තියාගත්තත් කමක් නෑ. සම්පූර්ණ සිංදුවේම තියෙන්නේ ඉතා හොඳ ප්‍රාර්ථනාවක්; "‍මගේ රට දළදා හාමුදුරුවන්ගේ සරණින් සැපතින්, සතුටින් ඉතිරේවා..."


ප.ලි.
2020-03-17:
මේ ගීතය සම්පූර්ණයෙන්ම අද උදෑසන නුග සෙවණ වැඩසටහනේ විකාශය වුණා. ඒ වීඩියෝව ඉහතින් බලන්න. (උපුටා ගැනීම Nugasewana - නීතියයි ඔබයි | 2020-03-17)


  

1 comment:

නොහික්මුණු ඇස said...

කමෙන්ට් පෙට්ටිය ඇරලම තියන්න මචං ,

ගීතයට බොහොම ස්තුති !