If you can't read Sinhala, get the fonts from here

Friday 17 September 2010

ඌව අධ්‍යාපන චාරිකා (3 වන කොටස)

( දෙමටමල් විහාරය ඉතිරිය... )

ඉපැරණි චෛත්‍යයට අමතරව තවත් අති විශේෂ අංගයක් දෙමටමල් විහාරයේ තිබේ. එනම් කාන්තා රුවක්ද සහිතව සාදා ඇති මුරගලයි. මෙවන් ‍මුරගලක් ලංකාවේ වෙනත් කිසිම ස්ථානයක සොයා ගත නොහැකි බව පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව ප්‍රකාශ කරයි.



මෙය කෙතරම් විශේෂ වුවත් එහි ගිය අපට දැකගත හැකි වූයේ ඉතා ශෝචනීය දසුනකි. එනම් මෙම ඉමහත් වටිනාකමකින් යුත් මුරගල කැලෑ වදින්නට දමා ඇති අන්දමයි. සාමාන්‍යයෙන් දෙමටමල් විහාරයේ වන්දනාවේ යන අයට මෙම මුරගල ඇස ගැටෙන්නේ නැත. අප මෙවැනි දෙයක් පිළිබඳ දැනගෙන ගියත් එය සොයා ගැනීම තරමක් අපහසු විය. විහාරයේ සිටි හාමුදුරුවන්ගෙන් අසා ‍දැනගෙන විහාරය පිටුපස කැලෑබද ප්‍රදේශයේ දී අපට මෙය දැකගත හැකිවිය. ඔබ මෙහි යන්නේ නම් මෙම විශේෂ මුරගල දැක ගන්නට අමතක කරන්න එපා.

දෙමටමල් ‍විහාරයේ ඇති තවත් විශේෂත්වයක් වන්නේ එය ලංකාවේ ඇති අතලොස්සක් වූ පංචාවාස වලින් එකක් වීමයි. පංචාවාස යනු එකම විහාර භූමියක සංඝසභාව (විනය කර්ම කිරීම‍ට රැස්වන තැන), පිළිමගෙය, බෝධිඝරය, චෛත්‍යය හා ආරාමය යන ආයතන පිහිටා තිබීමයි. ඒ නිසා දෙමටමල් විහාරය ලාංකීය අපට ඉමහත් වැදගත් වේ.

යම් දිනෙක ඔබත් මෙහි යන්නේ නම් මෙම කරුණු ගැන දැනුවත්ව යන්න. එයයි ‍මගේ පැතුම. ටික දිනකින් තවත් ලිපියකින් හමුවන තුරු ඔබට ආයුබෝවන්....