If you can't read Sinhala, get the fonts from here

Friday 27 April 2012

මත වර වරනිඳුන්ට (‍නෝනගෙ අම්බලම) - Mata wara waranidunta (Nonage Ambalama)



සෑ‍හෙන කා‍ලෙකින් හිතුනා ලියන්න. ‍හේතුව, මම ‍ගොඩක් කලක් තිස්‍‍සේ ‍හොය ‍හොයා හිටපු සිංදුවක් පහුගිය මා‍සේ ‍හොයා ගන්න පුලුවන් වුණා. 

කාලයක් ජාතික රූපවාහිනි‍යේ ‍මේ සිංදුව අවුරුදු කා‍ලෙට ප්‍රචාරය වුණා. හැබැයි දැන් හුඟ කා‍ලෙකින් ඇහු‍නේ නෑ. මම ‍මේක record කරගත්‍‍තේ පහුගිය දවසක මම බලන්න ගිය ‍වේදිකා නාට්‍ය ගීත ප්‍රසංගයකදී. ‍මේක එච්චරම quality නෑ. ඒ වුනත් ‍මේක ‍හොයා ගන්න තිබුණ අමාරුව හින්දම හිතුනා blog එ‍කේ දාන්න. රසවිදලා බලලා comments දාන්න.


සිංදුව කිය‍න්‍‍නේ රත්නා ලාලනී ජය‍කොඩි මිස් (ම‍ගේ ගුරුවරියක්). නාට්‍ය ගීතයක් ව‍ගේ තිබුණට, මම දන්න තරමින් මේක නාට්‍ය ගීතයක් ‍නෙ‍වෙයි (වැරදි නම් සමා‍වෙලා නිවැරදි කරන්න). වචන යන්‍‍නේ ‍මෙහෙමයි (‍මේ වචනත් වැරදි නම් කරැණාකර නිවැරදි කරන්න)



මත වර වරනිඳුන්ට - මන බැදි සකිසඳුන්ට
හද ‍කොදවිල පි‍පෙන්ඩ - ‍මේ කවි ලියුම ‍දෙන්න
ඇත් කුණ්ඩ‍ලේ ඉන්න - ‍ගෝමර තනි ඇතින්න
රන් යානක නිදන්න - දින ගනිතැයි කියන්න

සම‍නොල නගින රෑට - බක්මහ පෝය දාට
නෝන‍ගෙ අම්බලමට - මං එනවා කියන්ඩ //
එන කිරි ‍කෝඩුලාට - පඬුරක්‍ ‍වෙන් කරන්න //

මත වර වරනිඳුන්ට...

මුල්කිරිගල පාමුල - අප්පච්චි‍ගෙ සීපද
ඇහිලා එක හී‍නෙක - දුක හිතුනා කියන්ඩ //
උන්දැට පිං‍දෙවන්න - සිරිපා වන්දවන්න //

මත වර වරනිඳුන්ට....

‍මෙතනින් අහලා බලන්න මත වර වරනිඳුන්ට
(සිංදු‍වේ වචන විශාල කර බලන්න ‍මේ සමඟ ඇති කුඩා වචන ‍පෙල මත click කරන්න.)

ලස්සන සිංදුවක්. ඔයාලත් කැමතිනම් comment දාන්න. පස‍්සේ නැවත ලියන්නම්.

31 comments:

Anonymous said...

හැමතැනම ඒ සින්දුව හෙව්වා.....
බොහොම ස්තුති

Anonymous said...

පට්ට මචං. මම අවුරුදු ගානක් හොයපු සින්දුවක්.
මේක රූපවාහිනී අවුරුදු වැඩසටහනකට ගිය සින්දුවක්.
නදුන් උයනද මන්ද. හරියටම මතක නෑ.
බොහොම ස්තුතියි.

hare :-) said...

මේක ඔය අවුරුද්ද කිට්ටුව තියෙන ප්‍රෝග්‍රෑම් එකකනෙ ගියෙ... අර ප්‍රදීපා ධර්මදාස නාඬන් පුංචි හිරමණේ කියන්නෙත් ඒකෙනේ... මමත් හෙන කාලයක් හෙව්වා... ස්තූති වේවා හොයල දුන්නට!

Dulan said...

ස්තුතියි සහෝ මම මේ සින්දුව සැහෙන කාලයක් හෙව්වා ගොඩක් ස්තුතියි

දොඩන් said...

සෑහෙන්න කාලයක් හොයපු සින්දුවක්. බොහොම ස්තූතියි මේක දුන්නට.

Unknown said...

සහෝ ඔයා විශ්වාස කරනවාද මම අවුරුදු හතරක් පුරා මේ සින්දුව හොයනවා කියලා.. ගොඩක් පින්.. මම මුහුණු පොතේ තිස් පාරක් විතර මේ ගැන ඇහුවා.. ඇත්තමයි.. ඔයාට පින් සිද්ධ වෙනවා..මේක නාට්‍ය ගීයක් නෙවෙයි..රත්නා ලාලනී මිස් නාට්‍ය ගීයක් නොවන ගීයක්...කියලා තියෙන්නෙ.. මෙච්චරලු.. මේක ජාතික රූපවාහිනියෙ වැඩ සටහනක එක වරක් ගියා.. ඒ වැඩසටහන හැම සිංහල අවුරුද්දකටම වාගේ.. එකපාරට පෙන්වනවා.. අපිට ඉතිං එහෙම රෙකෝඩ් කරන්න පැසිලිටි නෑනෙ.. මේ ගීතය , ලන්දේ උකුල උඩ.. ජැක්සන් කුමාරි දෙන්නොගෙ ගීතය ආවෙ එක කාලයෙ.. ඒ වැඩසටහනේ......මේ ඔක්කොම හිටියා.. ලස්සන සංගීත වැඩසටහනක්.. ආයෙ එක දවසක් ස්වර්ණවාහිනියෙ හත් දින්නත් තරු එකේදී ඈ මේ කිව්වා.. එදා..රේඩියෝව උස්සන් එද්දි සිංදුව ඉවරයි...........ඔබට පින්..අනේක වරක්!!!

DevindaA said...

බොහොම ස්තුති ප්‍රතිචාර වලට. මෙච්චර ප්‍රතිචාර එයි කියලා බලාපොරොත්තු වුනේ නෑ. :)

Shehan said...

කියන්න වචන නෑ අයියා..බොහොම ස්තුතියි සිංදුවට..මං මේක මුලින්ම ඇහුවේ 2007දි විතර රූපවාහිනියෙන්..අවුරුදු 6ක් මං මේ සින්දුව හෙව්වා..අවසානයේදී අහම්බෙන් මට මේ පෝස්ට් එක හම්බුනා..ඔරිජිනල් එක හොයාගන්න ට්‍රයි එකක් දෙමු මේකේ..රූපවාහිනියේ ඇති ඔරිජිනල් එක..ජය වේවා.. නැවත වතාවක් බොහොම ස්තුතියි.

Uditha Ransara Chandrasena said...

Hey Devinda, This song was telecast in April somewhere around 2000 - 2003 "Miyurusara wasanthaye gee". I was lucky enough to watch this. This was the very first episode. I think only two episodes were produced in two consecutive years. And it was selected as the best musical program in Sumathi Awards in both the years. Awesome melodies exclusively created for this. It went as an story with intermediate music videos. Those were symbols of quality creations. Jackson Anthony and Rathna Lalani were in choreography. "Ha ha lande", "Kavi karayo api raja medure" were some of the other songs. This Program should be available in store in front of SLRC have to check. Thanks for posting machn...

Bhathisha Akalanka Silva said...

niyamayi ban. mama kalayak tisse hoyapu sinduwak!!!

Anonymous said...

thanx machan

Chatura said...

බොහෝම ස්තූතියි! මේ ගීතය ලියලා තියෙන්නේ රත්න ශ්‍රී විජේසිංහ.. මේ ලින්ක එකට ගිහින් බලන්න (3 වෙනි ගීතය)

http://www.youtube.com/watch?v=a3cirS3tfIA

Anonymous said...

මන් හිතන්නෙ හා හා ලන්දේ නෙවෙයි ... රොඩ්නිගෙ මල් මද බිසෝ තිබුනෙ එකේ.

Hansa said...

බොහොම ස්තුතියි යාළුවා... සෑහෙන්න හොයපු සින්දුවක්....

Anonymous said...

Rathna lalani miss me sinduwa 2013.12.5 wenada rupawahiniye giya mama saha mage miyasiya wada satahane kewwa
http://www.samiratv.com/views.php?id=1377

Janaka Chathuranga said...

මාත් සෑහෙන්න කාලයක් හොයපු සින්දුවක්. බොහොම ස්තූතියි මේක දුන්නට. පින් සිද්දවෙනවා බං. පට්ට

Janaka Chathuranga said...
This comment has been removed by the author.
වන්නි said...

මේක අද උදේ මං රූපවාහිනියේ දැක්කා. එතකොටම අතීතේ මතක් වුනා. ඉන්ටර්නෙට් එක පීරුවේ මේක හොයාගන්න. පරණ කාලෙක ඉඳලා මේක ඕන වෙලා තිබ්බා මට. ස්තූතියි සහෝ!!!

pradeep said...

මම මේ සින්දුවේ කෑල්ලක් කොහේ හරි ඈතක ඇහිලා, මේ සින්දුව මොකක්ද කිය කියා හොය හොය හිටියේ, මේක මෑතකදි රූපවාහිනියේ ගියා වෙන්න ඕන, දැන් මේකේ තනුවෙන් කෑල්ලක් වැඩ සටහන් විස්තරයක් යද්දි යනවා. අහම්බෙන් මේක දැක්කේ, අපි රත්නා ලාලනීලාටත් වඩා පොඩ්ඩක් වැඩිමල් පරම්පරාවේ. එයාට ඉස්සර හරිම ලස්සන කට හඬක් තිබුනා, නාට්‍ය වල රඟපානකොට හරිම කෙට්ටු කෙල්ලක්, ඊටත් කලින් ළමා පිටියේ එක සැරයක් නාට්‍යයකට කුඩා ළමයෙක් හැටියට "සඳපානේ වැලිතලා" ගීතය ගැයුවා. මෑතකදී ( 2012 විතර ) එයාගේ අක්කාගේ දුව රශ්මි පබෝධා මකරා නව නිර්මාණයේ පෙළ කියන කොට මට මතක් වුනේ රත්නාව.

ඇත්තට්ම ජාතියක් හැටියට අපි හරිම අවාසනාවන්තයි අපේ නාඅට්‍ය වල මේ වගේ අය දකින්න නැති වීම. අලුත් පරම්පරාවේ අය රත්නාව දන්නෙ එක්කෝ ඉංගම්මාරුවෙන් නැත්තම් ඉතින් රාජකීය විද්‍යාඅලයෙන්. හෙන් රි මානෙල් මනෝරත්න දිද්දෙනිය වගේ දැවැන්තයො අතර හරි හරියට ඉන්න හැකියාවක් තිබුන කෙනෙක් තමා රත්නා ලාලනී. වේදිකා නාට්‍ය වල රඟපාන්න හැමෝටම බැහැ. අන්තිම පේලියේ ඉඳගන් ඉන්න රසිකයාට පවා ඇහෙන සේ හඬ බිඳගන්නෙ නැතිව කථා කරන්න වගේම ගී ගයන්නත් පුලුවන් වෙන්න ඕන. රත්නා එතැන ඉහලම තියන්න පුළුවන් කෙනෙක්.

Admin said...

හම්මෙ.. මම අවුරුදු ගානක් හෙව්ව සින්දුවක්. උඹට පින් මචන් මේ කරපු දේට. අහම්බෙන් මතක් වෙලා ගූගල් හොයනකොට දැක්කේ. මාරම ලස්සන සින්දුව. මම හිතන්නේ අද ඉන්න පොඩි එවුන් මේ වගේ සින්දු අහලත් නෑ, අහන්නෙත් නෑ. ඒත් මේවගේ තියෙන රසවින්දනේ වෙන කොහෙවත් නෑ.මේ වගේ සින්දු කරලියට ගෙනාපූ රූපවාහිනිය අද ජනප්‍රිය රැල්ලේ දුවන එක ගැන ඊටත් වඩා දුකයි

Unknown said...

"මියුරුසර වසන්තයේ ගී" වැඩසටහනේ තමයි මේක තිබුනෙ ඒ කාලෙ....

Anonymous said...

https://www.youtube.com/watch?v=UxCL_os7wJo

You have the youtube version here.

Anonymous said...

Thank you very much.
I also searched for this since a long time.

Happa said...

https://youtu.be/a3cirS3tfIA?t=11m49s

Anonymous said...

https://www.youtube.com/watch?v=UxCL_os7wJo

Unknown said...

Thanks .

Unknown said...

මේක මියුරුසර වසන්තයේ ගී 1 වැඩසටහනේ එක ගීයක් ...1993 - 1996 අතර කාලයේ රුපවාහිනියේ තමයි විකාශය උනේ...සිංහල අවුරුද්ද කිට්ටුව දවසක ...කාලයක් තිස්සේ හොයපු සින්දුවක් ගොඩක් පින්

Unknown said...

කවුරු හරි කියනවද මේ ගීතයේ තෙරුම්.. ගජමන් නොනා ඇලපාත මුදලිට කියන එකක් බව තේරෙනවා... නමුත් සම්පූර්න අදහස කාටද කියන්න පුලුවන්?

Unknown said...

මමත් හියනවා මෙහි තේරුම... "මුල්කිරිගල පාමුල.. අප්පච්ච්ගේ සීපද.. ඇහිලා එක හීනෙක.. දුක හිතුණා කියන්.... උන්දැට පින් දෙවන්න.. සිරිපා වන්දවන්න" කියන කොටසට මම ගොඩක් ස්ංවේදී උනා.

Unknown said...

මමත් හොයනවා මෙහි තේරුම

Anonymous said...

මේක උපාලි ආරියසිරි නිෂ්පාදනය කල මියුරු සර වසන්තයේ ගී වැඩසටහනේ ගීතයක්.
ඒ වැඩසටහනේ සියලුම ගීත රචනා කලේ ආචාර්ය රත්නශ්‍රී විජේසිංහ
සංගීතය නිර්මාණය කලේ නැසීගිය ඔස්ටින් මුණසිංහ.