If you can't read Sinhala, get the fonts from here

Tuesday 20 January 2009

Departure of King Rajasinghe (Sinhala poems)

මට ගිය සතියේ පරණ පොත් ටිකක් අදිනකොට හම්බවුනා මම කැමතිම කවි පංතියක්. මේ කවි පෙලේ රචකයා නම් මට හොයා ගන්න බැරි වුනා. ඒ වුනත් මේ දවස්වල හිතට වදින කවි පංතියක් හින්දාම මේක දාන්න හිතුවා. බලන්න කියවලා .........

සිරිවික්කම රා‍ජසිංහ රජුගේ වියෝගය

1. දෙදහස් වසක් සිට අප සතුව පැවතිය
නිදහස් කිරුළ අද සතුරන්ට අයිතිය

උදහස් කම නිසා සිය දනගෙ විමතිය
නිදහස් බව නසාගති සිහල ජාතිය

2. ඇහැලේපොළගෙ රැවටිලි බස් නොනිම්මේ
සිහලේ රදළවරු අදහාගෙන පෙම්මේ
තුමුලේ සිහල රද පෙළ වනසා දැම්මේ
සිහලේ වතුරදෝ!දැන් සිරිලක් අම්මේ

3. නීතිය මගෙ නොවේ එය දැනගත් නමුදු
බීතිය සිදු කළේ ඇහැලේ‍පොළ මැතිදු
ජාතිය රට සමය ඉන් සිහසුනද ඉ‍‍‍දු
පීතිය සිතින් පර සතුරන් වෙතම පිදු

4. අපායට බියෙන් මත්පැන් නොබිව් මට
උපායෙන් පොවා යළි මා ගෙන සතුට
පපා'දර සිටිය සුරතල් කුමරු සෙට
කපා දැමු බැවින් විය සතුරන්ට රට

5. නොකළෙමි කිසි දොසක් මගෙ සොහොයුරන් වෙත
දැරුවෙමි රටෙහි දියුණුව පිණිස නන් තැත
ඉවසමි මහත් දුක් ඉන් මේ ලෙසින් පත
සනසමි අහෝ! කෙලෙසින් ‍බොළද වෙන් කත


6. නෙක දුක් සැවොම වි‍‍දිමින් සොමි ගුණෙන් යුතා
විතරක් නොවන වැඩ සැදු මහ දනන් වෙතා
සිරිවික්කම නැමැති සුරතල් ඔබේ පුතා
අද දුක් විදින සිරකරුවෙකි අනේ! ඉතා

7. විහිදා දසත සරසත මිණි කිරණ රැසේ
දළදා මැදුර රන් කොත සමග නුඹ කුසේ
මහ දාගැබ් සිරස දිලි කොත් කැරළි රැසේ
පැහැදා පෙනේ තවමත් මට උතුරු දෙසේ

8. සවැනිය මුණි සදුගෙ සිරිපද මන කල්ල
ගිහිණිය සුමන ගිරි පෙරදිග සිරි දුල්ල
රමණිය අවර දෙස දිසි අත්තන ගල්ල
කැලණිය සහ පෙනේ තව තුරු පොල් නිල්ල

9. උපනෙමි ඔබගෙ කුස මෙලෙසින් පිරි රුසිරු
දැරුවෙමි කිරුළ විදිමින් සැම රජ ඉසුරු
සුරකිමි ඔ‍බගෙ දරු කැල බිදිමින් සතුරු
හැරයමි අද දුකින් ඔබ ලක් මවුණි ගරු

10. නොවහිම් යසස් දැරු සිරිලක් මෑණියනි
නමදිමි මහත් ගුණ ඔබ සිහිකර නිතිනි
රජකම් කලත් කලකම් පලදෙන බැවිනි

මෙතරම් දුකක් සිදුවිය මගෙ පෙර පවිනි

11. අහෝ! ගනදුරයි අද පෙරදිග මැණික
හො හෝ හඩ නැගෙයි හදවතෙහි ටික ටික
සහෝදර පිරිසගෙන් පැමිණි මේ දුක
කොහෝමත් විදිමි මම සතුටින් නිසැක

12.
විකුම් සිහල පරපුර සිහි තිබෙන තුරු
උතුම් රාජ ලේ ටික මගෙ සිදෙන තුරු
නෙතින් කදුලු නොහෙලමි දිවි ති‍බෙන තුරු
ඉතින් ආයුබෝවන් ලක් මවුණි ගරු



PS: If you have troubles in reading sinhala fonts, click here
To download poem in jpeg format click the image here....

5 comments:

Tharaka Devinda said...

මෙවා ඔක්@කාම ෙපාෙත් තිබ්බෙ නෑ....

@මාකෙක් හරි ඔවා මකලා තමා ෙපාෙතට දාලා තියෙන්නෙ....!!

නදුන් උයන said...

එදා ඉඳන් අපේ ජාති‍ය‍‍ට වැඩි හරි‍යක් වින කැටුවෙ අපේ උන්මයි.
එදාත් එහෙමයි. අදත් එහෙමයි.

දේවින්ද, "මේ දවස්වල හිතට වදින කවි පංතියක් හින්දාම " කි‍යන කොට‍ස‍ට මම එකඟ නෑ.
මේ කවි "හැමදාටමත් හිතට වදින කවි " !!!

Tharaka Devinda said...

වජිර හරි.
මෙ වගෙකොයි තරම් කරල අැද්ද?

මගුල! මට කියපන් ෙනා, තො වගෙ ඵ්වා ගහන හැටි!!!

DevindaA said...

දෙන්නම කියන කතා හරි. පරණ කවි වල කොහොමත්, හරි තේරුමක් තියෙනවා. අවුල ඒවා හොයා ගන්න එක. මට තව මේ වගේ ඒවා ලැබුනොත් දාන්නම්.

Anonymous said...

මම මේ කවි පන්තිය සොයමින් හිටියේ මගේ පුතාට කියල දෙන්න
බොහොම ස්තූතියි