Sunday, 13 June 2010
වැලි තලප කමු ද? හදමු ද?
කවි පෙල ලියලා තියෙන්නේ ඔදානිස් රබන් ගුරුතුමා.
1. කැකුළු සහල් පිටියෙන් ද
වටකර ඔලු ඇට මෙන් ද
තම්බා කඩ පිම්මෙන් ද
සුරැකිව තබා යෙහෙන්
2. කිතුල් හකුරු සමඟින් ද
මඳක් සීනි සමඟින් ද
හැඳිගා කකාරමින් ද
ලණු වැටෙනා පදමින්
3. තිවග දෙදුරු සමඟින් ද
එක එක පමණ යසින් ද
බැද සුන් කර ගනිමින් ද
එකතුව සෑම දෙයින්
4. බඳුනක ලා සතොසින් ද
සමකර යස විලසින් ද
එදවස පසුව ගොසින් ද
ගනිමින් නැවත තොසින්
5. කැබලිව සැනින් කපා ම
රඹ කැන් සමඟ කදී ම
ලොව සතහට සොඳ කෑ ම
අසනුව නැණැති සියල්
6. උදය උදය සැමදා ම
වළඳා උනු පැන් බී ම
සත් සිත් වෙර පිනවා ම
මියුරු දෙයකි සුවිපුල්
7. වැලි තලපය යන නා ම
පැවසුය පෙරැදුරු සෑ ම
වා පිත් සමන කිරී ම
කදිමට වේ නිරවුල්
8. තකිරඟ කිරන කිදෙන් ද
සිටිතක තක්කිට කින් ද
දොමිකිට කිමිතක කුන් ද
ජෙනෙකිට ගුදිත ගුදන්
පදවැල
ඔලු ඇට = ඕලු ඇට
කඩ පිම්මෙන් = වණ්ඩුවෙන්
ලණු වැටෙනා = නූලක් මෙන්
තිවග = කරාබු නැටි, වසාවාසි, සාදික්කා
දෙදුරු = සූදුරු, මාදුරු
සුන්කර ගනිමින් = කුඩුකර ගනිමින්
සුවිපුල් = ඉමහත්
Saturday, 1 May 2010
මගේ රටට දළදා හිමි සෙවණයි (සම්පූර්ණ ගීතය) ....
මේක ලියලා තියෙන්නේ සුනිල් සරත් පෙරේරා, සංගීතය සංගීත් නිපුන් සනත් නන්දසිරි, ගායනය සනත් නන්දසිරි, මල්කාන්ති නන්දසිරි ඇතුළු පිරිස.... වචන මෙහෙමයි;
මගේ රටට දළදා හිමි සෙවණයි - මගේ දැයට දළදා හිමි සරණයි
සැපතින් සපිරුණු නිවහල් දෙරණයි - උපතින් මා හට මේ හැම උරුමයි... //
දළදා මැදුරේ රන්කොත මුදුනේ - මිණි කිරණින් මුළු රටම අවදි වේ //
දෙදහස් වසරක මහරු අතීතය - සීහ තේජසින් යළි පිබිදේ //
මගේ රටට....
මෙතැනම වේ දැය එකලෙස බැඳුණේ - සිත් තුළ බිය සංකා දුරු කෙරුණේ //
සමිඳුන් සෙවනේ ජය දද බැඳුනා - ජය බෙර වැයුනා ජය ගී ගැයුනා //
මගේ රටට....දිළිඳු බවේ අගහිඟකම දුරුවී - දොරින් දොරට සිරි සෙත පෑදී //
ගම රට නැගුමට ශක්තිය දෙමු අපි - සිරි දළදා හිමි වරම ලැබී //
මගේ රටට....
මෙතනින් අහල බලන්න... මගේ රටට...
කොච්චර ලස්සන සිංදුවක් ද? ඇස් වහගෙන අහන් ඉන්න පුළුවන් නේද? මේකෙ වචන පාඩම් කරගෙන තියාගත්තත් කමක් නෑ. සම්පූර්ණ සිංදුවේම තියෙන්නේ ඉතා හොඳ ප්‍රාර්ථනාවක්; "මගේ රට දළදා හාමුදුරුවන්ගේ සරණින් සැපතින්, සතුටින් ඉතිරේවා..."
ප.ලි.
2020-03-17:
Sunday, 21 March 2010
කුමරියක පා සළඹ සැලුණා...
ඔන්න දීර්ඝ නිහැඩියාවකට පස්සේ හිතුනා බ්ලොග් සටහනක් තියන්න. මට මේක ලියන්න හිතුනේ, අපේ ලස්සන සිංදු ටිකක් කට්ටියට ආපහු මතක් කරල දෙන්න ඕන කියල හිතුන හින්දා.....
ගිය සතියේ දවසක මම කැමතිම, දැන් වැඩිය ඇහෙන්නේ නැති සිංදුවක් අහන්න ලැබුණා. සිංදුව කියන්නේ අමරදේවයන්, ලියුවේ අප අතරින් වියෝවූ කේ. ඩී. කේ. ධර්මවර්ධනයන්, සංගීතවත් කළේ වික්ටර් රත්නායකයන්. මෙහෙමයි වචන යන්නේ......
--------------------------------------------------------
කුමරියක පා සළඹ සැලුණා - වසා සිටි නෙතු පියන් ඇරුණා
කුමර බඹසර අසපුවේ මා - සමවැදී උන් දැහැන් බිඳුණා
කුමරියක පා සළඹ සැලුණා
උකුල ලැම හස මලවි කරලිය - මුවා කළ ඇගෙ දුහුල් සළුතිර
විවර කෙරුවා මනස් සලෙළුන් - උමතු වූ දෙනුවන් රැහැන් ඇද
මා අබියස මැවුනු තුසිතය - සුරන් නැලවූ සුයාමය
කුමරියක පා සළඹ සැලුණා
නිසල ජීවන තපෝ වන මැද - හැඟුම් ගජසෙන් යදම් බිඳ වැද
තලා සිඳ කම්පනය කරවයි - ලපළු තුරුවැල් කැකුළු මල්පෙති
මා හඬවයි බිදුනු තුසිතය - සුරන් නැලවූ සුයාමය
කුමරියක......
----------------------------------------------------------
සිංදුව අහලම බලන්න.... කුමරියක පා සළඹ සැලුණා
අද කාලේ තියෙන ප්‍රේම ගීතත් එක්ක බලනකොට මේ සිංදුවල වටිනාකම කියලා නිමකරන්න බෑ. මේ සිංදුවේ අදහස හරියටම තේරෙන්නේ නැති අයට පොඩි උදව්වක් කරන්නම්. මම කියන මේ තේරුම හරියටම හරි නොයන්න පුළුවන්.... මුලින්ම කියන්න ඕනේ මේ ගීතයෙන් කියවෙන්නේ කෙනෙකුගේ සිතුවිලි දාමයක් ගැනයි. මේක ඇත්ත සිදුවීමක් නෙවෙයි කියලා ජේ. බී. දිසානායක මහත්තයා විචාරයකදී කියලා තිබුණා. හරි මෙහෙමයි සරල තේරුම....
"මගේ සිතේ ලස්සන කුමාරිකාවන් වගේ හැඩැති, රූපත් යුවතියකගේ රුවක් මැවේ. ඇගේ රූ සපුව නිසා මා මෙතෙක් සමවැදී සිටි බඹසර දැහැන ද බිදී ගියේය. මාගේ උමතු සිත, ඈ හැඳ සිටි සිනිඳු සළු තුලින්, ඈ රූ සපුව දකින්නට තැත් කරයි. අහෝ, මා අබියස මේ මැවෙන්නේ දෙව් ලොවක්ම ද? මෙතෙක් මම, සුවිසල් ඇතෙක් වන්, මගේ හැගීම් පාලනය කරගෙන සිටියෙමි. දැන් නම් ඒ සියල්ල බිඳී ගොසිනි. මම ඒ බිඳී ගිය දෙව් ලොව දැක කම්පා වෙමි."
මේ ගීතය ගැන තවත් දෙයක් කියලම මම අදට නවතින්නම්. ගීතය එක වරක් ඇහුවම තේරුම හිතාගන්න බෑ. සමහර විට 3න් 4 වරක් වත් අහන්න ඕනේ. ඒ වුනාට අද නව පන්නයේ ගීත බලන්න. සිංදුව බාගයක් යනකොටම ඉතුරු ටිකත් හිතාගන්න පුළුවන්. අද කාලේ හුඟක් සිංදු අපේ කන පිනවනවා විතරයි. හිතන්න දෙයක් ඉතුරු කරන්නේ නෑ. ඒකයි මම මේ සිංදුව අද මෙහෙම ඉදිරිපත් කලේ. තවත් සිංදුවකින් ළඟඳීම හමුවෙන්නම්. එතකල්, ගිහින් එන්නම්.
Tuesday, 5 May 2009
New job.....
First of all, it was very hard for me to leave Dialog, for many reasons. It was my first job and the people I met their was, I think fantastic; speically my friends in our department, i.e. Core Network Development Services. In our devision we had 29 and 7 of us had to resign and I don't want to tell you all, the reasons......... I'll just skip it...... Ok.. the rest of the guys gave us a big farewell on the last day, 24th April, and it was heart-breaking for me to leave them. I got my birthday presents form them also, (oh.... by the way, my b'day was on 26th April..... I think I forgot to tell you all....) which I never expected. We had the last dinner with them at Fawas's place (our Manager) before leaving them.......
On previous Wednesday (22nd) we got another farewell. That is from our university friends. Ah...... I can't remember whether I tell you all about them before..... Ok let me tell you now.
From the 1st day at Dialog, I met with some great friends, 2 of them are new and others I knew from University time.... Gayan, who works in my division from peradeniya uni (UOP); Shamal, a friend of Gayan, also from UOP; Rangana, Anuradha and Braveena from our uni. (UOM). 6 of us spent that 10 months time as close friends, where we will remember it for life. They truely are great friends..... I can't explain it in words.... let me quote something which was shown by Gayan extracted from the film "Lord of the rings"
"When you see people do wrong everyday, when you get sick of it, Its really nice to know that there are good people like you. It gives a will to fight for the good. There's good left in this world and its worth fighting for. Whenever you feel down, think about that. You belong in the good lot."
Well, that's how my friends are. They are good, more than good..... So leaving them is hard, very hard. But Gayan, Shamal and me had to leave the others until we meet sometime later. So we had our last party at ExcelWorld. Here are we........
(from left : Gayan, Braveena, Anuradha, me, Rangana and Shamal)
So from next Monday onwards (27th April), I joined Suntel. There I work as an application engineer in the IT division. I hope I'll make some good friends there also. Good luck to me......
Monday, 20 April 2009
My New Ride
Well, I hadn't been able to take it anywhere in the week-end. Still have to register and insure. So without those I can't put it out. Have to get it fast to take my first visit, may be to Anusha's place on this weekend.
At the same time, I am advised not to go beyond 40 kmph, until the 1st service; that would be after 750 km. That is a big ask for me. OMG, I want to go fast........ But have to wait, yeap I know that. SLOW AND LOW, IS ALWAYS THE FLOW......